(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් ආසාධිතයන් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි අය වේ.
ඉන් 16 දෙනෙකු කුවේට් සිටද , 02 දෙනෙකු එංගලන්තයේ සිටද, 02 දෙනෙකු කටාර් සිටද එක් අයෙකු බංග්ලාදේශයේ සිටද පැමිණ ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 883 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසු වේ.