ආගමික ස්ථානවලට යන්න දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වෛරසය මර්දනය කරමින් රට යළි යථා තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක නිරෝධායන නීතීන්වලට යටත්ව ජනතාවට යළි ආගමික ස්ථාන වෙත යාමට අවස්ථාව සලසා දෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලීමක් කරති.

මීගමුව, මහවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ ඊයේ (07) පෙරවරුවේ ඉරුදින දිව්‍ය පුජා යාගය සිදුකරමින් අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම සිදු කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන් පෙන්වා දුන්නේ කොරෝනා වසංගතය හමුවේ දිව්‍ය ජූජා නතර කර දේවමෙහෙය නතර කිරිමට කටයුතු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *