(කොළඹ, ලංකාපුවත්) – මෙරට සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1991 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනාත් සමගයි.
ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගෙන් 1548 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
තවත් වෛරස ආසාදිතයින් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.