සුවය ලැබූවන් ගණන 1562ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අද (24) පෙරවරු 10.00 වන විට කොවිඩ් -19 ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම තවත් රෝගීන් 418 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරට සමස්ත කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1991 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *