පුරාවිද්‍යා ස්ථාන, කෞතුකාගාර දේශීය සංචාරකයින්ට 01වනදා සිට විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පුරාවිද්‍යා ස්ථාන, කෞතුකාගාර හා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලන ඒකකය ලබන පළමුවනදා සිට ජනතාව සදහා විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක හා පරිශ්‍ර කෞතුකාගාර හා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලන ඒකකය තාවකාලිකව වසා දැමුණේ කොරෝනා වසංගතය හමුවේ ගත් මහජන ආරක්ෂාකාරී පියවරක් ලෙසය. එහෙත් රටතුළ වර්තමානයේ පවතින හිතකර වාතාවරණය හමුවේ එම ස්ථාන යළි දේශීය සංචාරකයින් සදහා ලබන පළමුවනදා සිට විවෘත කෙරෙන බව බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදී මෙම පියවර ගෙන ඇත.

මෙම ස්ථාන කරා පැමිණෙන පිරිස් වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බැවින් ඒ සදහා සහයෝගය ලබා දෙන ලෙස අදාළ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *