කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

ගණේමුල්ල සංජීව නැමැති පාතාල කල්ලි සාමාජිකයන්ගේ වෙඩික්කරු ලෙස සැලකෙන රන්කොත්පේලිගේ සංජීව සම්පත් හෙවත් කැටවල සම්පත් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙසේ පොලිස් වෙඩි පහරට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

මිරිස්වත්ත ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයේදී අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළ සැකකරු මාර්ගය අසල කැලෑවට පලාගොස් තිබේ. අනතුරුව ඔහු පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් පොලිස් ප්‍රති ප්‍රහාරවලදී කැටවල සම්පත් මිය ගිය බවත් පොලීසිය පවසයි.

ඔහු සන්තකයේ තිබූ රිවෝල්වරයක් සහ රුපියල් 48000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය පිළිබඳ ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ උතුර අපරාධ කොට්ඨාස හා මල්වතු හිරිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *