හිටපු ඇමති පාඨලීට සහ සුදත් අස්මඩලට සිතාසි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර, වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගෝස්තු මස 20 වනදා මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් මෙලෙස ඔවුන්ට සිතාසි නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *