මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ 1053ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරෙ ආශ්‍රිතයන් 18 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මානත ශාලා සේවකයෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඊයේ (08) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනා ගැණුනි.

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් දස දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි හත්දෙනෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු සහ ඉරානයේ සිට පැමිණි අයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1197 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4488 දෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *