කොවිඩ් ගැන අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 උවදුර නැවත අප රට තුළ හිස ඔසවා ඇති මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඇතැම් පාර්ශ්වයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් 19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිත් බව විදහාලමින් අපි එය මර්දනය කළ බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, කොවිඩ් උවදුර නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරා ගැනීමට සියලු කටයුතු සිදු කරනු ලබන බවත් පවසා ඇත.

මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශ්වයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා මෙම සටහන මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *