(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකාව සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්ය ලේකම් මයික් පොම්පේ මහතා මේ මස අවසානයේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
මේ මස අගදී තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන අමෙරිකානු රාජ්ය ලේකම්වරයා එම සංචාරය අතරතුර මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් දැනුම්දීමක් කර නැතැයි ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
අමෙරිකානු රාජ්ය ලේකම්වරයා මීට පෙර පසුගිය වසරේ ජුනි 27 වනදා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබුණු නමුත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා සමඟ ජපානයේ පැවැති සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කෙරිණි.
අමෙරිකානු රාජ්ය ලේකම්වරයා පසුගිය සතියේ ජපානයට පැමිණි අතර එහිදී ඉන්දියාවේ හා ජපානයේ විදේශ ඇමැතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්විය. එහිදී චීනයට එරෙහිව මිත්ර සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබෙන බව වාර්තා වෙයි.