කොටස් වෙළඳපොල මෙහෙයුම් සාමාන්‍ය පරිදි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම මෙහෙයුම් කටයුතු හෙට (02) සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සදහන් කරයි.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මේ වන විටත් ඩිජිටල් ලෙස වෙළඳාම ක්‍රියාත්මක කර ඇති හෙයින්, මෙහෙයුම් කිසිදු සෞඛ්‍ය අවදානමකින් තොරව හැසිරවිය හැකි බව කොළඹ කොටස් වෙළෙඳපොළේ අලෙවිකරණ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *