මිනිත්තු 20න් කොරෝනා ආසදිතයින් හඳුනාගත හැකි පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – PCR පරීක්ෂණයක් මගින් ආසාදිතයින් හඳුනා ගැනීමට වඩා ඉක්මනින් කොරෝනා ආස්දිතයින් හඳුනා ගත හැකි පරිෂණයක් සොයාගෙන තිබේ.

එම පරීක්ෂණයෙන් යම් කිසි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මිනිත්තු 20ක් තුළ දැන ගත හැකි බවද සඳහන්වේ.

එම ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණය මෙරට තුළ ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බවද සඳහන්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (රසායනාගාර සේවා) වෛද්‍ය සමන් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් ඉදිරියේදී අහඹු පරීක්ෂණ සිදුකිරිමට හැකියාව ලැබෙන බැවින් එය වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට හැකියාව ලැබෙන බවයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ කට්ටල ලක්ෂ 02ක් දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වා ඇති බවත් ලබන සතියේදී එවැනි උපකරණ කට්ටල ලක්ෂ 08ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *