(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඉන් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , අනෙක් 21 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 30, 375 දක්වා ඉහළ යනු ඇත.