(කොළඹ, ලංකාපුවත්) –වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයේ භටපිරිස් වෙත යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරුවලට අනුව සිදු කළ වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ කහ කිලෝ 6750 ක් සහ එනනසාල් කිලෝ 80ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එලෙස අත්අඩංගුවට ගත් කහ සහ එනසාල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 42.4 ක් පමණ වේ.
මෙලෙස අද දින (14) අත්අඩංගුවට ගත් කිලෝ 4300 ක කහ තොගයේ විශාලතම කහ තොගය තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටළීමක දී අත්අඩංගුවට ගත් අතර එම කහ තොගය සමඟින් එනසාල් කිලෝ 80ක්ද අත්අඩංගුවට ගැනීමට 54 සේනාංකයේ භට පිරිස් සමත් වූහ. එම භාණ්ඩවල වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 27.4 ක් පමණ වේ.
මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ සැකසහිත නිවසක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 1560 ක් සමග එක් සැකකරුවෙක් පසුගිය සෙනසුරාදා (12) දින අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන 9.3 ක් පමණ වේ.
මේ අතර, කුන්චිකුලම් ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධකයේදී මන්නාරමේ සිට කල්මුනේ දක්වා ලොරි රථයකින් නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කළ රුපියල් මිලියන 5.34 ක වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 890 ක් ද ඉකුත් සෙනසුරාදා (12) දින සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගැනීමට 15 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා භටපිරිස් සමත් වූහ.
එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු , බොලෙරෝ රථයක් සහ ලොරි රථයක් වැඩිදුර පරික්ෂණ සඳහා මඩු සහ තලෙයිමන්නාරම පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්විම මත ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ සෘජු මැදිහත්වීම මත යුද්ධ හමුදා මාර්ග බාධක, ක්ෂණික වැටලීම් සහ බුද්ධි තොරතුරු පදනම්ව සිදුකරන මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ කහ කිලෝ 12016 කට වැඩි ප්‍රමාණයක් මේවන විටයුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ කහ, මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා යුද්ධ හමුදාව විසින් මෙම වසරේ ගතවූ මාස එකොළහ තුල දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් මෙලෙස කහ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍යය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඉදිරියේදීත් මෙවැනි මෙහයුම් තවත් පුළුල්ව ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.