(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාස කිරීමේ වරදට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියම කර ඇත.
අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කර තිබේ.
2018 වසරේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කරමින් ශ්රේෂ්ඵධිකරණ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් රන්ජන් රාමනායක මහතා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 සී (2) වගන්තිය ප්‍රකාරව විනිසුරුවරුන්ගේ කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් අපරාධයක් කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතා පසුගිය ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහුට ඇප ලැබුණි.
පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ දී පොලීසියේ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් විය.