රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සොනාල ගුණවර්ධන

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා පත්කර තිබේ.

ඔහු මීට ප්‍රථම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කළේය. සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටියි.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයෙන් ප්‍රථම උපාධිය ලබා ගෙන තිබේ.

චිනයේ ෂෙන්යැන්ග් ඇරෝස්පේස් විශ්වවිද්‍යාලයේන් ව්‍යාපාර කලමනාකරණය හා ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගෙන ඇත. එසේම ගුණවර්ධන මහතා දෙස් විදෙස් ආයතන කිහිපයක කලමනාකරන මට්ටමේ තනතුරු හොඹවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *