(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නන්දන ගලබඩ මහතා නුවරළිය දිස්ත්‍රික් මහ දිසාපති ( දිස්ත්‍රික් ලේකම්) ලෙස වැඩ ආරම්භ කිරීම අද (29) උදැසන යෙදුන සුබ මෙහොතින් සිදුවිය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡයනා මධ්‍යයේ රාජකාරි ආරම්භකළ නන්දන ගලබඩ මහතාට සුබ පැතුමි එක් කිරීම සඳහා වනජිවි හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සි.බි.රත්නායක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතාද එක්ව සිටිහ.
වලපනේ සහකාර ප්‍රාදේශිය ලේකම්, හඟුරන්කෙත, උඩුනුවර, අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර ඇති නන්දන ගලබඩ මහතා මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ලේකම්, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ලෙසත් කටයුතු කර ඇත. නන්දන ගලබඩ මහතා මිට පෙර සිය රාජකාරි සිදුකර ඇත්තේ මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනි.
දිස්ත්‍රික් ලේකම්වරයාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට ආයතන ප්‍රධානින් ඇතුළු උසස් නිලධාරින් රැසක් එක්ව සිටිහ.