(කොළඹ, ලංකාපුවත්) – දවසකදී හදුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ(28) වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. එම සංඛ්‍යාව 1466 කි.
ඉන් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්වේ.
වැඩිම ආසාධිතයින් පිරිස කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 228 කි. ගම්පහෙන් ආසාධිතයින් 209 ක් හා කුරුණෑගලින් ආසාධිතයින් 172 ක් හදුනාගැණුනි.
ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හාරදහස් නවසිය පනස් තුනකි. ඒ අතුරින් 9209 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේ ආසාධිතයින් 227 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මේ දක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අනූ පන්දහස් අසූ තුනකි.
තවත් කොරෝනා මරණ 6 ක් ද වාර්තා වී තිබේ. ඒ සමගින් මෙරට සිදුවූ කොරොනා මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහළ ගොස් ඇත.