“සතොස සහන මල්ල” දෙවන අදියර මැයි 02 සිට

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝග තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතා මඟහරවමින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් වලට ලබා ගැනීමේ අවස්ථාව සැලසීම සඳහා සතොස සහන මල්ල-2 වැඩසටහන මැයි 02වනදා ක්‍රියාත්මක කරනු ලබන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

ඒ,වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව සතොස සහන මල්ල-2 වැඩසටහන යටතේ පහත භාණ්ඩ එයට ඇතුළත් කර තිබේ.

සම්බා සහල් කිලෝවක්
නාඩු සහල් කිලෝවක්
පිටි කිලෝවක්
ඕස්ට්‍රේලියන් රතු පරිප්පු කිලෝ එකක්
තායි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්
සුදු සීනි කිලෝවක්
රජයේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිෂ්පාදිත විෂබීජ නාශක දෑත් සෝදන දියර මිලිලීටර් 50ක්
තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ ග්‍රෑම් 100ක්
සෝයා ග්‍රෑම් 50ක්
කෑලි මිරිස් ග්‍රෑම් 100ක්
මෙම භාණ්ඩ වර්ග රුපියල් දහසක මුදලකට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගික ජනතාවට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයාට පමණක් සතොස හරහා මෙම සහනය සැලසෙනු ඇත.

එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හා ආචාර්යවරුන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ලොව ප්‍රථම RESPIRONE NANO AV99 – නැනෝ තාක්ෂණික මුහුණු ආවරණය සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගැනීමට මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයක් නිකුත් කරන ලද බවත් පැය 24ක් ගත වීමට ප්‍රථම එම නැනෝ තාක්ෂණික මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයම අලෙවි වි ඇති බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *