අධිකරණවලට සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දිවයින පුරා අධිකරණවල කටයුතු කරනු ලබන නීතිඥවරුන්ගේ හා අධිකරණ කටයුතු සදහා පැමිණෙන මහ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශය විසින් සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරයි.

එහි පළමු පියවර වශයෙන් එම ද්‍රව්‍ය අධිකරණ වෙත ලබාදීම සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත භාරදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද (21) සිදු විය.

එම අවස්ථාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජිව් අමරසූරිය, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතීඥ ජනක රණතුංග යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *