(කොළඹ, ලංකාපුවත්) –2021 ජන හා නිවාස සංගණනයට අදාළ සැලසුම්වලින් සියයට 75 ක් මේ වනවිට අවසන් බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් පී එම් පී අනුර කුමාර මහතා පවසයි.
ඇණවුම් කර ඇති ටැබ් පරිගණක 16000 ක් ලැබීමෙන් පසු ඉදිරි වැඩකටයුතු ආරම්භ කෙරේ. ඊට අදාළ ගැසට් නිවේදනය පවා මේ වනවිට සැලසුම් කර ඇතැයි හෙතෙම පැවසීය.
2011 වසරේ පළාත් අනුව කළ සංගණනයේදී සියයට 28.8ක ජනගහනයක් බස්නාහිර පළාතෙන් වාර්තා විය. අවම ජනගහනය වන සියයට 5.2 ක උතුරු පළාතේ විය.