(කොළඹ, ලංකාපුවත්) – එම් වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිදුවීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවට සහය පළකරමින් ඔස්ට්‍රේලියාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අත්‍යවශ්‍ය වෙරළබඩ පිරිසිදු කිරීමේ උපකරණ පරිත්‍යාග කරයි.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් එම උපකරණ ඊයේ(16) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මියට බාර දෙන ලදී.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පැවසුවේ “එම් වී එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් මතුවූ අභියෝගාත්මක තත්ත්වය ඕස්ට්‍රේලියාව වටහාගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම්” බවයි.
ඉන්දියානු සාගරයේ අසල්වැසියන් ලෙස ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ මුහුදු බල ප්‍රදේශය සමුද්‍රීය ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි.
පිරිසිදු කිරීමේ උපකරණවලට රුපියල් මිලියන 20ක් පමණ වටිනා ශරිරාරක්ෂණ ආවරණ 11,000 ක්, අත්වැසුම් 1,000 ක් (ඕස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදීත), මුහුණු ආවරණ 30,000 ක්, ඇස් කණ්ණාඩි 200 ක්, ආරක්ෂිත පාවහන් යුගල 300 ක් සහ හිස්වැසුම් 200 ක් ඇතුලත්ය.