යුක්‍රේනය රුධිරයෙන් සහ කඳුළුවලින් තෙත් වෙලා – පාප් වහන්සේ

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු ප්‍රහාර හමුවේ පීඩාවට ලක්වුණු අහිංසක යුක්‍රේන වැසියන්ගේ රුධිරයෙන් සහ කඳුළුවලින් යුක්‍රේනය තෙත් වී ඇතැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි.

පාප් වහන්සේ යුද්ධය ප්‍රතික්ෂේප කරමින් එය ‘පිස්සු’ ලෙස හඳුන්වයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රය දෙසට පෙනෙන ජනේලයකින් දේශනය ඉරිපත් කරමින් ඊයේ මේ බව සදහන් කළේය.

තම කනස්සල්ල ප්‍රකාශ කිරීම සහ ආධාර සැපයීම සඳහා වතිකානු කාදිනල්වරුන් දෙදෙනෙකු යුක්රේනයට යවා ඇති බව ද ඔහු පැවසීය.

මෙහිදී පාප් වහන්සේ යුක්රේන ගැටුම විස්තර කළේ “හුදෙක් හමුදා මෙහෙයුමක් නොව මරණය, විනාශය සහ දුක්ඛිතභාවය වපුරන යුද්ධයක්” ලෙසිනි.

ක්‍රෙම්ලිනය සමඟ සමීපව කටයුතු කරන රුසියානු ඕතඩොක්ස් පල්ලිය සමඟ යහපත් සබඳතාවලට ප්‍රමුඛත්වය දී ඇති පාප් වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට පැහැදිලිව දොස් පැවරීමෙන් වැළකී සිටිති.

ආරක්ෂිත මානුෂීය කොරිඩෝවක් ඉල්ලා සිටි පාප් වහන්සේ යුක්රේනයෙන් පැමිණි සරණාගතයින් පිළිගන්නා අයට ස්තුතිය පුද කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *