ගින්න පාලනය කර ‘මෙසීනා’ සිංගප්පුරුවට ඇදගෙන යයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත් වුණ එම්.එස්.සී. මෙසීනා බහාලුම් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබේ.

නෞකාව සිංගප්පූරුව දෙසට ඇදගෙන යාමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවති. මෙයින් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුවන්නේ නැති බවයි සමුද්‍රීය පරිසර අධිකාරිය සදහන් කළේය.

කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් දුරින්, මුහුදු කලාපයේදී යි එම්.එස්.සී. මෙසීනා නෞකාවේ ගින්න හට ගෙන තිබුනි. නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන තිබූ බව සදහන් විය. මේ අසලින් ගමන් ගන්නා නෞකාවලට ගින්න නිවීම සදහා සහයෝගය ලබා දෙන ලෙසට දැනුම් දුන් බව නාවික හමුදාව පැවසීය.

ලයිබිරියානු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවෙහි කාර්ය මණ්ඩලය 28 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සදහන් කළේය. කෙසේවෙතත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සෙවීම් හා ගලවා ගැනිමේ මුහුදු කලාපයෙන් ඉවතට මේ වන විට නෞකාව ඇදගෙන ගොස් තිබේ.

ඒ අනුව නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය සදහා කොළඹ පිහිටි සාගරික ගලවා ගැනීම් සම්බන්ධීකරණ කාර්යාලයට භාර කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *