(කොළඹ, ලංකාපුවත්) – කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ඩෙරික් ෂාවින්ට වසර 22යි මාස 6 ක සිර දඩුවමක් නියම කෙරේ.
පසුගිය වසරේ දී අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියා පොලිස් වීදියේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා දණහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ සිද්ධියට නමැති වරදකරු වූ සුදු ජාතික ඩෙරික් ෂාවින් නමැති පොලිස් නිලධාරියාට වසර 22 යි මාස 6 ක සිර දඩුවමක් මෙලෙස නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර 12 දෙනෙකුගෙන් යුත් එරට ජූරියක් ඔහු වරදකරු කරනු ලැබීය. මිනියා පොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල දණහිසෙන් සිර කොට ඝාතනය කරනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 25 වනදාය.
ලා අළු පැහැති ඇඳුමකින් හා ටයි පටියකින් හා සුදු කමිසයකින් සැරසී සිටි ඩෙරික් ෂාවින්, දඩුවම නියම කිරීමට පෙර කෙටියෙන් කථා කරමින් “ෆ්ලොයිඩ් පවුලට ශෝකය”ඔහුගේ ප්‍රකාශ කළේය.
ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා ඇති විය.