දුරස්ථ-මාර්ගගත පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2096ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් අර්බුදයත් සමඟ මෙරට දරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ ද ඇතැම් ප්‍රදේශවල දරුවන්ට එලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට විවිධ දුෂ්කරතා ඉස්මතු වූ අතර අන්තර්ජාල පහසුකම් සඳහා අවශ්‍ය දුරකථන සංඥා නොමැතිකම ඊට ප්‍රධාන හේතුවක් විය.

මීට පෙර දිනක දී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මතුගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කළාපයට අයත් දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ හා මතුගම ඕමන්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ නිර්මාණය වූ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබිය හැකි අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විනි.

එහිදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් එක් මධ්‍යස්ථානයකට පහ බැගින් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය Laptop පරිගණක 10 ක් ප්‍රධානය කරන ලදි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව SLT Mobitel ආයතනය විසින් දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලක්ෂ දෙකක වටිනාකමකින් ද ඕමන්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයට ලක්ෂ තුනහමාරක වටිනාකමකින් ද යුත් මාර්ගගත අධ්‍යාපනය පහසුකර ගැනීමට අවශ්‍ය සන්නිවේදන කට්ටල ප්‍රධානය කරන ලද අතර QIB Campus හි අධ්‍යක්ෂක ආචාර්ය අසේල පන්ඩිත් මහතා විසින් ස්වයංක්‍රීය විෂබීජ නාශක උපකරණ දෙකක් ද ප්‍රධානය කරන ලදි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තුලින් ගුණාත්මක දරුවෙකු බිහි කළ හැකි බවත් දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය උපරිම සහය ලබා දෙන බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අදහස් දක්වමින් එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *