(කොළඹ, ලංකාපුවත්) – අද (04) සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිළිබඳ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව ආසනගත මගීන්ට වඩා වැඩි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබේ.