ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් කළ ඉල්ලීම

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් ප්‍රතිශක්තීකරණ තුන්වැනි එන්නතක් සදහා යොමු නොව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලීමක් කර සිටියි.

ලබන වසර වනවිට ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය අවදානම අඩු කර ගත හැකි බව එම සංවිධානය පවසයි.

මේවන විට රටවල් රැසක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ තුන්වැනි මාත්‍රාවක් ලබා දීමට පියවර ගෙන තිබේ. එන්නත් හිඟව පවතින මේ මොහොතේ ලොව ධනවත් රටවල් රැසක් තුන්වැනි මාත්‍රාවක් සදහා යොමු වීමෙන් දිළිදු රටවල ජනතාව අසීරුතාවට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වෛරසය ගෝලීය වශයෙන් තුරන් කිරීමට නම් සියලු දෙනාගේ සහය ලැබිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ආදනම් ගේබ්‍රියේසස් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *