‘සයිනොෆාම්’ ශ්‍රී ලංකාවේ හදන්න චීනය එකඟ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් මර්දනය කිරීම සඳහා අතිරේක වශයෙන් සයිනොෆාම් එන්නතක් දීම හා මෙරට එන්නත් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට චීනයේ සයිනොෆාම් සමූහයේ සභාපති ලියූ ජින්ග්සෙනෑන්ඩ් මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

සිය ආයතනය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සයිනොෆාම් එන්නත දීමට බලාපොරොත්තු වන බවට එහිදී ලියූ ජින්ග්සෙනෑන්ඩ් මහතා සඳහන් කර ඇති බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *