(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් තිබුණි.
නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ එහි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන්යානයෙන් අද උදෑසන 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ජනපති පැමිණ ඇත.