(කොළඹ, ලංකාපුවත්) –පසුගාමී ග්‍රාමීය ප්‍රාදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුලු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ෆ්ග්‍රිජ් මහත්මිය අතර හමුවක් පසුගියදා(12) පැවැත්විණි.
මෙම හමුවේදී නැගෙනහිර පළාතේ අධ්‍යාපන, ආර්ථික හා සෞඛ්‍ය වර්‍ධනයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
නැගෙනහිර පළාතේ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝඡනය කරන ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් ඇමතිවරයා, නෝර්වේ සහ නෙදර්ලන්ත තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා ද රජයේ අඛණ්ඩ සංවර්ධන වැඩ සටහන් සහ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා දැනට ගෙන යන වැඩ සටහන් පිළිබඳව දැනුවත් කළේය.