ලොව මෙතෙක් හමුවූ විශාලතම තනි නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

(ලංකාපුවත් | කොළඹ) – ලොව විශාලතම නිල් මැණික් ගල (බ්ලු සැෆයර්) මෙරටින් හමු වී තිබේ.

එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බවට වාර්තා වී ඇත. මෙම නිල් මැණික මේ වන විටත් “ආසියාවේ රැජන” ලෙස නම් කර ඇති අතර එය හොරණ පදිංචි ව්‍යාපාරිකයකුකට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමු වී ඇත.

මෙම විටිනා මැණික් ගල සඳහා මේ වන විටත් සවුදි අරාබියාවේ වෙන්දේසි ආයතනයකින් ඩොලර් මිලියනකට මිලදී ගැනීමට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

ලොව විශාලතම මැණික් වර්ග හමුවන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරීක්ෂණාගාරය එම වටිනා මැණික් ගල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය වටිනා මැණිකක් බවට වන සහතිය සහ වාර්තාවක්ද නිකුත් කර තිබේ. මෙම නිල් මැණික් ගල නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (12) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාද එහි ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *