අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 85%ක් පූර්ණ එන්නත්කරණයට

(කොළඹ, ලංකාපුවත්) –මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සියයට 85කට කොවිඩ් මර්දන එන්නත දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස සමස්ත ජනගහනයෙන් සියයට 57.5ක් බව එම අංශයේ පෙන්වා දෙයි.

වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සියයට 99ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර සමස්ත ජනගහනය සලකා බැලීමේදී එය සියයට 67.2ක ප්‍රතිශතයක් වේ. මේ අතර ගත වූ දිනයේ ද පුද්ගලයන් 69,902 දෙනකු සඳහා කොවිඩ් මර්දන එන්නත් දී තිබේ.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12189 කටත්, දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 51717 කටත්, ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 4552 දෙනකුටත් දුන් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *