(කොළඹ, ලංකාපුවත්) – අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂයේ නෙරපීමට එම පක්‍ෂෙය් දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා සදහන් කරයි.
ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්වේ.
පක්ෂයේ විනයමණ්ඩලය විසින් චෝදනා 04කට වැරදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ(15) දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි පස් වැනි දා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.