(ලංකාපුවත් | කොළඹ) –මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති නිෂ්පාදන ගම්මාන ඵල දරමින් තිබෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි
අම්පාර දිස්ත්‍රික්කයේ නාවිදන්වේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අන්නමලේ ප්‍රදේශයේ ආරම්භ කළ සෞභාග්‍යා තල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයේ වර්තමාන තත්ත්වය පිළිබඳ පසුගියදා නිරීක්ෂණය කිරීමට එක් වීමෙන් අනතුරුම මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
එවක බිම් මට්ටමින් ආරම්භ කළ සෞභාග්‍යා තල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයේ මේ වන විට ප්‍රතිලාභින් 350 ක් නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ වී ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී වීරසිංහ, තිලක් රාජපක්ෂ, අම්පාර සහකාර දිස්ත්‍රීක් ලේකම් බී ජගදීශන් , නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් එස්. රංගනාදන්, නාවිදන්වේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. ආනන්දන් දිස්ත්‍රීක් ක්‍රමසම්පාදන සැලසුම් අධ්‍යක්ෂ එස්. පාක්‍යරාජා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතීලාභී මහත්ම මහත්මීන් සහභාගී වුහ.