ශ්‍රී ලාංකික මොඩලයකට ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට සැලසුමක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඵලදායි ලෙස සංවර්ධනය කිරීමට අනන්‍ය වූ වැඩපිළිවෙලක් සැකසීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය ඇතුළු නිලධාරීන් සමග මෙම මූලික සාකච්ඡාව පැවැත්වූ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශ්‍රී ලාංකික මොඩලයකට ගැලපිය හැකි අයුරින් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මෙහිදී අමාත්‍යවරිය පෙන්වා දෙන ලදි.

ලෝක බැංකු ආධාර සහිතව දැනට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ව්‍යාපෘතිය තවදුරටත් සංවර්ධනය කර තිරසාර සෞඛ්‍ය ආකෘතියකට (Sustainable Health Model) යා යුතු බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

නීරෝගී සෞඛ්‍ය වෙනුවෙන් රෝග හදුනාගැනීම, රෝග වැළැක්වීම සදහා බෝනොවන රෝග (NCD)පමණක් නොව සමස්ථ සෞඛ්‍යම ආමන්ත්‍රණයවන වැඩපිළිවෙලකට සැලසුම සකස්විය යුතු අතර රෝගී සත්කාර සදහා රෝගියා රෝහලට යනවා වෙනුවට වෛද්‍යවරයා ගමට යන වැඩපිළිවෙලකට සැලැස්ම සකස් කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡා විය.

දැනටක්‍රියාත්මකවන පවුලක දරුවා සහ මවගේ සෞඛ්‍ය කෙරෙහි ඉලක්කගත වී ඇති සේවාව සමස්ථ පවුලම කෙරෙහි යොමු කෙරෙන වැඩපිළිවෙලකට යාමත්, ඒ සමගම පර්යේෂණ සහ සංවර්ධන ඒකකයන් (R&D) සමග ඒකාබද්ධව දිගු කාලීන සුපරීක්ෂණයකට යායුතු බව අවධාරණය විය.

සැලසුමසකස් කිරීමේදී සුවිශේෂී ක්ෂේත්‍ර ආමන්ත්‍රණයවන පරිදි පාසල මෙන්ම ගම මූලික කරගත් වැඩසටහනකටත් යා යුතු අතර පාසල් තුළ ආපනශාලා, පාසලේ ගෙවතු වගාව, ග්‍රාමීය ගෙවතු වගාව ද ඒකරාශී කරගත හැකි අයුරින් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවිය.

සෑම ගමක්ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සැලසුම් කෙරෙන අතර මූලික අදියරේ මොඩල්ගම් 100ක් සකස් කිරීමට යෝජනාවිය.

සැලැස්මේඅවධානය යොමු කලයුතු තැන් හදුනාගත යුතු කරුණු කෙරෙහි තාක්ෂණික ප්‍රවේශයක් වෙත යොමුවීමට වැඩමුළුවක් සංවිධාන කිරීමට තීරණය විය.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, එහි ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු, සහකාර ලේකම් නවීන් ද සොයිසා, වෛද්‍ය නලින් ද හේරත්, වෛද්‍යටී.ඩී.වික්‍රමසේකර, වෛද්‍ය අන්වර් හම්ඩානි ඇතුළු පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *