මහාචාර්ය නිලිකා මලවිගේට WHO නව තනතුරක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණ ප්‍රවේශ සංචිතයේ(C –TAP) උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතයට (C-TAP) සම්බන්ධ විද්‍යාත්මක, තාක්‍ෂණික සහ උපාය මාර්ගික කරුණු පිළිබඳව උපදෙස් දීමට තාක්ෂණික උපදේශක කණ්ඩායමක් පිහිටුවා තිබේ.

කොවිඩ්-19 සෞඛ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් ලෙස විවිධ පරාසයක දැනුම සහ ප්‍රවීණත්වය ඇති කීර්තිමත් විශේෂඥයින් 10 දෙනෙකුගෙන් එම සමූහය සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *