දිවයින පුරා සමෘද්ධි අමාත්‍යාංශයෙන් හෙළ බොජුන්හල්

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න, නිසි පෝෂණයෙන් යුත් පිසූ ආහාර අලවි කිරීමේ අරමුණින් දිවයින පුරා හෙළ බොජුන්හල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මේ වන විට සමෘද්ධි අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව ඊයේ (31) මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉබ්බන්කටුව ප්‍රදේශයේ , නව හෙළ බොජුන්හලක් සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙය සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනලද නව ව්‍යාපෘතියකි.

එම අවස්ථාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බංඩාර තෙන්නකෝන් , ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී.ආර් ජයතිලක , ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න , සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම් රත්නායක , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා රියාල්දින් මහත්මිය, සහකාර අධ්‍යක්ෂක ගාමිණී අබේවික්‍රම යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *