ආපදාවට ලක්වූවන්ට කඩිනමින් සහන සලසනවා – අගමැති

(ලංකාපුවත් | කොළඹ) –පවතිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ, අද (10) පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී ආපදාවට පත් වුවන්ට සිය ශෝකය ප්‍රකාශ කරමිනි.

ආපදා තත්ත්වය නිසා ජීවිත අහිමි වූ පවුල්වල අයට සිය ශෝකය පළ කරන බවයි අගමැතිවරයා කියා සිටියේ.

”ගරු කථානායකතුමනි ප්‍රථමයෙන් කියන්න ඕනේ මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා අපේ රටේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. විශාල පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්නවා. පිඩාවට පත්වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය සහන දෙන්න රජය කටයුතු කරමින් ඉන්නවා. අයහපත් කාළගුණික තත්ත්වය නිසා ජීවිත හානි සිදුව තිබෙන පවුල්වලට ශෝකය පළකරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. අයහපත් කාළගුණික තත්ත්වය නිසා පීඩාවට පත්වුවන්ට සහන සැලසීම පිළිබඳ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ” යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *