නිෂ්පාදන ගම්මානවල ප්‍රගතිය සොයා බැලේ

(ලංකාපුවත් | කොළඹ) –සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉට්ටිකුලම, අඹගහවැව, ඇහැටුවාගම යන ග්‍රාම සේවා ආවරණය වන පරිදි රුපියල් කෝටියක මුදලින් ආරම්භ කළ අතුරු බෝග සහිත කටු අනෝදා නිෂ්පාදන ගම්මානයේ ප්‍රගතිය සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්ගේ නිරීක්ෂණයට පසිගියදා ලක් කෙරිණි.

එහිදී තවත් කටු අනෝදා පැල 100ක් අක්කර 1/4 ක භුමියක් වගා කිරීමත් විසිරී ජලබිංදු නල පද්ධති රැසක් ගොවි මහතුනහට අමාත්‍යවරයා ලබා දුන්හ. මෙම වගා බම් වල යටි වගාවක් ලෙස කොච්චි සහ මිරිස් වැනි අතුරු බෝග වගා කිරීමද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, සෞභාග්‍යා අධ්‍යක්ෂක ජනරාල් වසන්ත ගුණරත්න, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක ඇතුළු රාජ්‍ය නිලධාරින් හා ප්‍රථිලාභි මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *