(ලංකාපුවත් | කොළඹ) – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකා පරිගණක සංගමය (Computer Society of Sri Lanka – CSSL) 39වනවරටත් සංවිධාන කළ ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
මෙම සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ පමණක් නොව මෙම කලාපයේම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ඉසව්වක් ලෙස සැලකෙන අතර, COVID-19 තත්ත්වය හේතුවෙන් මෙවර සම්මන්ත්‍රණය 2021 ඔක්තෝබර් 11 සහ 12 දෙදින තුළVirtual සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය,සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර, උත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වූ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සහ ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා එහි ප්‍රධාන දේශනය ද සිදුකළේය.