(ලංකාපුවත් | කොළඹ) –රට රැකියාවට විදේශගත වන්නේ නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම ගැටඵ රැසකට විසඳුම බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මාධ්‍ය වාර්තාවල සදහන් වන අන්දමට කාර්යංශයේ ලියාපදිංචියෙන් තොරව විදේශ රැකියාවලට යොමුවු බහුතරයක් විවිධ කරදරවලට ලක්වි තිබේ. කාර්යංශයේ ලියාපදිංචි වීමෙන් තොරව රැකියා සදහා විදේශ ගතවීම හේතුවෙන් ඔවුන්ට ඇතිවන කරදර වලදී ඒ පිළිබදව සොයාබලමින් කටයුතු කිරිමට අපහසුතා ඇතිවන බවද ඔහු සදහන් කළේය.
රෝහණ පුෂ්පකුමාර මහතා මෙම අදහස් පළකලේ, ලියාපදිංචි නොවී විදේශ රැකියා සදහා ගොස් විවිධ කරදරවලට හා මරණයට පත්වුවන්ගේ යැපෙන්නන් වෙත වන්දි ප්රදානය කිරිමේ උත්සවයකට සහභාගි වු අවස්ථාවේදිය. වන්දි ප්රදානය කිරිමේ උත්සවය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ (11) පැවැත්විණි. කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතුන් මත හා මානුෂීය පදනම මත සලකා සේවක සුබසාධක අරමුදල මගින් මෙම වන්දි පිරිනැමේ.
විදේශ රැකියාවක් සදහා කාර්යංශයේ ලියාපදිංචි වුවද, එම ලියාපදිංචි කාල සීමාව දීර්ඝ කර නොගැනීම නිසා එය ඉක්මවීමෙන් බරපතල රෝගි තත්වයන්, අනතුරු, හිරිහැර හෝ මරණ වෙනුවෙන් රක්ෂණ ආවරණ නොලබන විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් සදහා කාර්යාංශ සේවක සුභසාධක අරමුදල මගින් මෙම සහන සැලසේ.
මෙහිදී රුපියල් මිලියන 3.5 ක ප්රතිලාභ කරදරවලට ලක්වූවන්ගේ යැපෙන්නන් 22 දෙදනෙකු වෙත ප්රදානය කරන ලදි.
මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, අධ්යක්ෂ පරිපාලන නිමල් තිබ්බුටුමුනුව, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පි. සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය, අතිරේක සාමාන්‍යාධිකාරී මාධව දේශප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුබසාධන තරංග හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුඵ පිරිසක් එක්ව සිටියේ ය.