LPL ජාත්‍යන්තර විකාශන අයිතිය ‘සෝනි’ ආයතනයට

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ගෝලීය විකාශනය අයිතිය ක්‍රීඩා විකාශනායතන අතර දැවැන්තම ආයතනයක් වන ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (Sony Pictures Networks India) ආයතනය හිමිකරගෙන සිටියි.

ඒ අනුව සෝනි පික්චර්ස් නෙට්වර්ක් ආයතනය එල්.පී.එල්. තරගාවලියේ නිල විකාශන සහකරුවා ලෙස පැමිණෙන්නේ පිට පිටම දෙවැනි වතාවට වේ.

දෙසැම්බර් මස 05 වැනිදා සිට දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධාන කටයුතු භාරව සිටින අයි.පී.ජී. ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින එම ආයතනය රූපවාහිනී විකාශනයට අමතරව ඩිජිටල් සම්ප්රේෂණ බෙදා හැරීමේ අයිතියද ලබා ගෙන තිබේ.

ඒ අනුව මෙවර එල්.පී.එල්. තරගාවලියේ සියලුම තරග Sony Six සහ Sony Ten 2 නාලිකා හරහා විකාශනය කෙරෙනු ඇත.

විකාශන අයිතිය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින සෝනි පික්චර්ස් නෙට්වර්ක්හි ප්රදාන ආදායම් නිලධාරී, බෙදාහැරීම් සහ ක්‍රීඩා ව්‍යාපාර අංශයේ ප්‍රධානී රාජේෂ් කෞල් සඳහන් කර සිටියේ, ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන රුචිය අති විශාල වන බැවින් එම ප්රේක්ෂකයින් වෙත ජාත්යන්තර ක්රිකට් ක්රියාකාරකම් රැගෙන යෑම සිය ව්‍යාපාරික අරමුණ වන බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සෑම විටම ලෝක මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහි කර තිබෙන අතර මෙවර තරගාවලියට ලොව විස්සයි-20 තරග අංශයේ ප්‍රබල ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල් සහ ෆෆ් ඩු ප්ලෙසිස් ඇතුළත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තව තවත් වර්ධනයට සහ ජනප්‍රියත්වයට හේතු වනු ඇත. විස්සයි-20 තරග රටාවට ප්‍රේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් එක් රොක් වන බැවින්, ඔවුන් කිසිවකුවත් අපේ නාළිකාවල විකාශනය වන තරග මඟ හැර නොයෑමට වග බලා ගැනීමට අපට අවශ්යයි” යනුවෙන් කෞල් මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *