(ලංකාපුවත් | කොළඹ) – හිරිවඩුන ගමේ වැලලී ගිය සංචාරක කර්මාන්තය නැවත ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් රටට විදේශීය මුදල් ගෙන එමට අවස්ථාව ඒ මගින් උදා වෙන බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
හබරණ, පලුගස්වැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති, තුලාන් අංක 591 හිරිවඩුන ගම්මානය, ස්වභාවිකවම අලංකාර ගම්මානයකි. පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සීගිරි ගල් පවුර සහ පිදුරංගල ගල් පවුරත් හිරිවඩුන ගම්මානයට ඉතා රමණිය ලෙස දිස් වීම දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් බැඳ ගන්නා කරුණකි. පවුල් 150 ට ආසන්න පිරිසක් ජීවත් වෙන මෙම ගම්මානයේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි. පැවති වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ගම්මානය වැලලී යමින් තිබුණ අවධියක එයට නැවත ජීවය ලබා දීමට සමෘද්ධි අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.
ඒ අනුව 589 හබරණ, 590 කාශ්‍යපගම, 591 හිරිවඩුන යන ගම්මාන වලින් සෘජු ප්‍රථිලාභීන් 130 කින් සමන්විත සංචාරක සේවා ප්‍රවර්ධන ගම්මානය සෞභාග්‍යා වැඩසටහන් මාලාව යටතේ සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ හිරිවඩුන ගම්මානයේදී රුපියල් කෝටියක ප්‍රතිපාදන වැය කරමින් ආරම්භ කෙරිණි.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ,
“මෙරටට වාර්ෂිකව මිලියන 500 ක් සෘජුවම ලැබෙන අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම අපි මේ කතා කරන ප්‍රශ්න වලට එකම විසදුම කියලා කිවුවොත් මා නිවැරදියි. අද වන විට විදේශ මුදල් නෑ කියලා කියන්න සිදු වෙලා තියෙන්නේ මේ ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන්. අපේ ඉතිහාසය නැවත නැවත ඉස්මතු කරන ගම්මානයක් තමයි මෙම ගම්මානය. පසුගිය අවුරුදු දෙකේ ලෝකයේ වැඩියෙන්ම බැට කෑව කර්මාන්තය තමයි සංචාරක කර්මාන්තය. මේ කර්මාන්තය තුළ අපේ රටේද සෘජු හෝ වක්‍රව ලක්ෂ 33 කට ආසන්නව පුද්ගලයින් ජීවත් වෙනවා. මෙන්න මේ අයට ශක්තියක් වෙන්නයි අපි මේ වැඩ සටන ක්‍රියාත්මක කරන්නේ.“ යනුවෙනි.