2022 අයවැය වැඩි ජන්ද 93කින් සම්මතයි

(ලංකාපුවත් | කොළඹ) –2022 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් අද(10) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 157 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදු කළ අතර, නොවැම්බර් 13 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණ.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමද වැඩි ජන්ද 93 කින් ඉකුත් නොවැම්බර් 22 වැනිදා සම්මත විය.ඊට පක්ෂව ජන්ද 153 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60 කි.

නොවැම්බර් 23 වැනිදා කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වූ අතර, සෙනසුරාදා ද ඇතුළුව අද දක්වා දින 16ක් එම විවාදය පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *