(ලංකාපුවත් | කොළඹ) – උත්සව සමයට ලංකා සතොසෙන් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩුවෙන් දෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් දා (11) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව, මුළු ලොවටම බලපා ඇති ආර්ථික අවපාතය හා සෞඛ්‍ය කඩා වැටීම් තුළ නිෂ්පාදනය හා බෙදාහැරීම් ජාලය අර්බුද රැසකට මුහුණ පා ඇති නමුත්, නාඩු සහල් කිලෝවක් රු.99.50කටද සුපිරි සම්බා කිලෝවක් රු.130ක මිලටද, සීනි කිලෝවක් රු.125ක මිලටද වශයෙන්දැනට වෙළෙඳපොළ තුළ පවතින මිලට වඩා අඩු මිලෙන් යුතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 50ක් පාරිභෝගිකයා වෙත දීමට ලංකා සතොස අලෙවිෙල් හරහා කටයුතු සලසා තිබේ.