මේ වසරේ අවසාන සෞභාග්‍යා සතිය හෙටින් ඇරඹෙයි

(ලංකාපුවත් | කොළඹ) –දිවයින පුරා සමෘද්ධි ලභීන්, අඩු ආදායම් ලාභීන්, ධරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව සහ විභවතාවයෙන් පෙලෙන ජනතාවගේ ගෘහ ආර්ථිකය නගා සිටුවීමේ කාර්යය සඳහා වත්මන් රජයේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍යා වැඩ සටහන් මාලාවේ සතර වන කාර්තුව හෙට(15) දිවයින පුරා ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

මේ වන විට මෙම වැඩ සටහන් මාලව යටතේ දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 570 සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය යන ආයතන දෙක පමනක් 2021 වර්ෂයේ අවසානය වන විට මෙරට ආදායම් උත්පාදනයට සහ ව්‍යසායකත්වයට යා හැකි පවුල් ඒකක 2,20.000 ක් ස්වයං රැකියා ලාභින් ලෙස ජාතික ආර්ථිකයට එක් කර ඇති බව ද අද(14) මේ පිළිබඳ මාධ්‍ය වෙත මැදවච්චිය නගරයේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හෙතෙම කීවේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙරට ජනතාවගේ ගෘහ ආර්ථිකය ශක්තිමත් වෙමින් මේ වන විට මෙම ව්‍යාපෘතිය මගින් පළ දරමින් සිටින බවත් ලබන වර්ෂය වන විට මෙලෙස ආරම්භ කළ ව්‍යාපෘති තව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව රාජ්‍ය ඇමැති වරයා කීවේය.

රජරට ජනතාව එහි නිසි ප්‍රයෝජන හොදින් තෝරුම් බේරුම් ගෙන කටයුතු කරමින් සිටින බවත් ඒ අයුරින් දිවයින පුරා සමෘද්ධි ලභීන්, අඩු ආදායම් ලාභීන්, ධරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව සහ විභවතාවයෙන් පෙලෙන ජනතාවට නොබියව මෙම ව්‍යාපෘති සදහා සහභාගි වන ලෙසටද රාජ්‍ය ඇමැති වරයා එම ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

හෙටින්(15) ආරම්භ වන සිව් වන සෞභාග්‍යා සතිය දෙසැම්බර් 21 දක්වා ක්‍රියාත්මක වන බවත් ඒ කාල වක වාණුව තුළ ආබාධ සහිත තැනත්තන්ද සවි බල ගැනවීමටත් කටයුතු කරන බව වැඩි දුටරත් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *