(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය සදහා රාජා එදිරිසූරිය මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු කර ඇත.
මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා හා ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමගයි මෙම පත්කිරීම සිදුකර තිබේ.