වෛද්‍ය උපකරණ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

(කොළඹ, ලංකාපුවත්) – අභ්‍යන්තර අක්ෂි කාච, හිස් ලෝහ ස්ටෙන්ස්, ඖෂධ ඉවත් කිරීමේ ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් අධීක්ෂණ පද්ධති, පරීක්ෂණ තීරු සහ ස්පන්දන ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඊයේ (28) දිනයේ සිට මෙම උපරිම සිල්ලර මිල නියම කර ඇති බව එහි දැක්වේ.

ඒ අනුව අක්ෂි කාච, හෘද රෝගීන් සඳහා භාවිතා කරන ස්ටෙන්ට්, රුධිර ග්ලූකෝස් මාපක හා ඒ සඳහා භාවිතා කරන පරීක්ෂණ තීරු සහ රුධිර ස්පන්ධනය මැනීම සඳහා භාවිතා කරන පල්ස් ඔක්සිමීටරවල මිල සංශෝධනය කර තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මස 19 වන දින ගැසට් පත්‍රයක් මඟින් සිදුකළ මිල සංශෝධනයට පසුව ඊයේ දිනයේ සිට මෙම නව මිල සංශෝධනය සිදුකර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *