(ලංකාපුවත් | කොළඹ) – මෙක්සිකෝවේ සූරූපි නිළියක් හා ගායිකාවක්වන ටානියා මෙන්ඩෝසා(Tania Mendoza) වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාපන්දු ඇකඩමියක සිටි ඇයගේ 11 හැවිරිදි පුත්රායා රැගෙන යාමට බලා සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත.
ඝාතකයින් විසින් ටානියාට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
42 හැවිරිදි මෙන්ඩෝසා 2005 වසරේ දී La Mera Reyna del Sur චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් පසුව ප්‍රසිද්ධියට පත් විය. ඇය සෝප් ඔපෙරා ගණනාවකට ද පෙනී සිටි නමුත් මෑත වසරවලදී ගායිකාවක් ලෙස ඇය ගීත ඇල්බම පහක් පටිගත කළාය.
මෙක්සිකෝවේ නිල දත්තවලට අනුව පසුගිය වසරේ දිනකට අවම වශයෙන් කාන්තාවන් 10 දෙනෙකු රට තුළ ඝාතනය කර ඇතැයි පෙන්වා දෙයි.